ත්‍රස්තවාදයට මුහුණ දෙන්න රනිල්ගේ ප්‍රති-ත්‍රස්ත පනතට බෑ! ජාතික ආරක්ෂාව බිල්ලට දීලා ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් රකින්නත් බෑ! – ඇමති සජිත් අගමැතිගේ අමුඩෙ කඩයි… (video)

May 17, 2019 at 10:08 pm | by admin

පසුගියදා එල්ල වූ ගෝලීය ත්‍රස්ත ප්‍රහාර මාලාව පාලනය කර ගැනීමට ආරක්ෂක අංශවලට පිහිට වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බවත් එය වෙනස් නොකළ යුතු බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි. එසේම තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට උදව් වුයේ ද ප්‍රති-ත්‍රස්ත පනත බව ඔහු සිහිපත් කළේය.

ප්‍රති-ත්‍රස්ත පනතින් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ජාතික න්‍යාය පත්‍රයේ ජාතික ආරක්ෂාවට පළමු ස්ථානය ලැබිය යුතු බවත් ජාතික ආරක්ෂාව විනාශ වූ දා රකින්නට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නොමැති බව ද පැවසීය.

එහෙයින් තම ආණ්ඩුව විසින් යෝජනා කළ ප්‍රති-ත්‍රස්ත පනත වහාම ඉවත් කරගත යුතු බවත් වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් බලවත් කර ශක්තිමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

එහෙත් ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ වහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ගෝලීය ත්‍රස්තවාදය විනාශ කිරීමට වහාම ප්‍රති-ත්‍රස්ත පනත ගෙන ආ යුතු බවය. මේ අතර සජිත් ප්‍රේමදාස නොබෝදා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධව සිය ස්ථාවරය ඇමති පාඨලි චම්පික රණවකගේ ස්ථාවරයට සමාන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස