ත්‍රස්ත පනතට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් TNA සමග පාරට බසී…!

September 22, 2022 at 4:29 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිරිබත්ගොඩ දී ඊයේ (21) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් සහ ශානක්කියන් රාසමානික්කම් ඇතුළු පිරිසක් ද එකතු විය.

එම අවස්ථාව ඇමැතූ රාසමානික්කම් ප්‍රකාශ කළේ මෙම විරෝධතාව සංවිධානය කිරීම පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ස්තූතිවන්ත වන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදය පරාජය කිරීමට බව බොහෝ අය සිතුව ද එය මේ රටේ ජනතාව මර්දනය කිරීමට යොදා ගන්නා බව පසුගිය මාස කිහිපය තුළ තහවුරු වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *