ත්‍රස්තවාදය පරදා මව්බිම එක්සේසත් කළ දිනය අදයි…!

May 18, 2024 at 10:44 am | by emanisa.lk

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙයි.

එකල කොටි සංවිධානය ලොව භයානකම ත්‍රස්ත සංවිධානය ලෙස සැලකූ අතර ත්‍රස්තවාදය කිසිදා ආයුධ බලයෙන් පරාජය කළ නොහැකි බව අවධාරණය කෙරිණි.

කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමග ඇරඹි ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් කොටි ප්‍රාණ ඇපයේ තබා ගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂිය මෙහෙයුමට දේශපාලන නායකත්වය දුන් අතර එවක ආරක්ෂක ලේකම් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

මෙවර රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *