තහනම අස්සේ රසායනික පොහොර ටොන් 10 000ක් ගෙනැල්ලා…! ජනපති තහනම විහිළුවක් වෙයි!

July 13, 2021 at 5:54 pm | by emanisa.lk

ආණ්ඩුවේ තහනම නොසලකා හරිමින් පසුගිය 09 වෙනිදා රසායනික පොහොර ටොන් 10 000ක් ආනයනය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පසුගිය 09 වෙනිදා කොළඹ වරායට යූරියා පොහොර ටොන් 10 000ක් ගෙන ආ බවට තමන්ට විශ්වාස කටයුතු මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව ය.

ආණ්ඩුවට හිතවත් සමාගම් වෙත රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබා දී ඇතිදැයි නලින්ද ජයතිස්ස ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා සිය තීන්දුව ආපසු නො හරවන පසුබිමක මෙලෙස පොහොර තොගයක් ගෙන ආවේ කෙසේ දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස