තහනම් බඩු හිරගෙට ඇද්ද කංජිපානි පවුලම අත්අඩංගුවට!

September 13, 2019 at 1:23 pm | by emanisa.lk

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු ඊයේ (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරකු සහ ඥාතීන් සිව්දෙනෙකු වන බව පොලිසිය පවසයි.

ඊයේ (12) සිරකරු දිනය නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබූ අතර මේ පිරිස ආහාර බඳුනක්ද රැගෙන පැමිණ ඇත.

එය ලබාදීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදි එම ප්ලාස්ටික් බඳුනේ ව්‍යාජ පතුලක් යට සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් සහ චාජර සොයාගෙන ඇත. අධිකරණමය කටයුතු සඳහා සැකකරුවන් රත්ගම පොලිසියට බාරදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස