තහනම් කරන්නේ ජංගම වඩුමඩු විතරයි! සාම්ප්‍රදායික වඩු කර්මාන්තයට කිසි තහනම් නෑ!

June 8, 2019 at 5:36 pm | by emanisa.lk

පරිසරය රැක ගැනීම උදෙසා තහනම් කරනු ලබන්නේ ජංගම වඩුමඩු පමණක් බවත් සාම්ප්‍රදායික වඩු කර්මාන්තයට එමගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මහවැලි සංවර්ධන හා පාරිසරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව රට පුරා ක්‍රියාත්මක 300ක් පමණ වන ජංගම වඩුමඩු සඳහා 2022 වසරට පසු බලපත්‍ර නිකුත් කරනු නොලැබෙන අතර ලබා ගෙන ඇති බලපත් ස්වයංක්‍රීයව අහෝසි වෙයි.

කෙසේ වුවද ඉදිරියේ දී නිකුත් කිරීමට යෝජිත ගැසට් පත්‍රය මගින් සාම්ප්‍රදායික වඩු කර්මාන්තයට කිසිදු බලපෑමක් නොවනු ඇති බව ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස