තව මාස 5කින් අලුත් ආණ්ඩුවක්! රටට ආදරය කරන ආණ්ඩුවක් පත්කරගන්න! – ජනපති
තව මාස 05 කින් මේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
සමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසිදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැ`ගීමට ඇති එකම ම`ග අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. නුවරඑළියේ ඉදිකරන ලද අංගසම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (15 වැනිදා) පෙරවරුවේ එක්වෙමින් හෙතෙම මේ බැව් පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට කැප වන බව කීවේය.