මීට මාස එකහමාරකට පෙර මහ බැංකු අධිපතිතුමා රටේ ආර්ථිකය පිළිබඳ මාර්ග සිතියමක් (Road Map) ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
ඊට දවස් කිහිපයකට පස්සේ මූඩීස් ආයතනයෙන් අපේ රට තවත් පහළට, එහෙම නැත්නම් CA Group තත්ත්වයට ඇද දැමූ බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම අයවැය ඉදිරිපත් කර තව මාස භාගයක් යද්දි මූඩීස් ආයතනය අපේ රට තව පියවරක් පහළට දැම්මොත් අපි බංකොලොත් රටක් වන බව ද රාජිත සේනාරත්න අවධාරණය කරයි.
ඊයේ (12) ඉදිරිපත් කළ 2022 අයවැය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.