තව උද්ඝෝෂණ දෙකක් කළොත් සජිත්ගේ විපක්ෂ නායකකම පාඨලීට..!

November 16, 2021 at 8:14 pm | by emanisa.lk

රටේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීම් සිදුකර කොවිඩ් යම් මට්ටමකට පාලනය කර ඇති පසුබිමක විපක්ෂය විසින් උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කිරීම පිළිබඳ තමා කනගාටු වන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

කොවිඩ් රෝග ව්‍යාප්තව පවතින මෙවැනි මොහොතක උද්ඝෝෂණ සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු අභිමානයක් ඇති නොවන බවත් ඒ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැජ්ජා විය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරයා එහි දී සඳහන් කළේ, අද තමන් විපක්ෂයේ සිටියේ නම් කිසිසේත් ජනතාව පාරට රැගෙන නොඑන බවත් සිය විරෝධය මීට වඩා නිර්මාණාත්මක ලෙස සිදුකරන බවත්ය.

මේ අයුරින් සෙනග නැති උද්ඝෝෂණ තව දෙක තුනක් සංවිධානය කළහොත් විපක්ෂ නායකවරයාගේ තනතුර ද අහිමි වනු ඇති බවත් පාඨලී චම්පික රණවක ඒ සඳහා බොහොම කැමැත්තෙන් ඇස ගසා ගෙන සිටින බවත් චන්න ජයසුමන වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *