තවුහිද් ජමාද් ත්‍රස්තවාදීන් මුස්ලිම් පල්ලිවලට ගහන සැලසුමක්! විපක්ෂය ඔස්සේ ජනතාව අතට ලැබුණු බුද්ධි අංශ වාර්තාව මෙන්න!

April 25, 2019 at 10:12 pm | by admin

පසුගිය පාස්කු ඉරිදාවේ කතෝලික පල්ලි සහ ප්‍රධාන සංචාරක හොටෙල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ ජාතික තවුහිද් ජමාද් ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ අන්තවාදී නොවන ඉස්ලාම් භක්තිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

ඊයේ දින (24) නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ජනපති සහ විශේෂ ආරක්ෂක දිසාව හා අගමැති ආරක්ෂක කොට්ඨාසය දැනුම්වත් කළ ද මහ ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළේය.

කෙසේ වුවද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම රහස්‍ය වාර්තාවේ පිටපතක් ද ඊට අමුණා තිබේ.

තවුහිද් ත්‍රස්තවාදීන් කුප්පු පල්ලි හෙවත් අවුලියා පල්ලි ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වෙයි.

මෙම බුද්ධි අංශ වාර්තාව ප්‍රසිද්ධියට පත් නොවී අදාළ ප්‍රහාරය සිදු වූයේ නම් එහි වගකීම බීබීසීය ඇතුළු සියලු පාර්ශව විසින් සිංහල ජනතාව වෙත යොමු කිරීමේ අවධානමක් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස