තව්හිද් ජමාද් ප්‍රහාරය 2015න් පසු ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක්වීමේ ප්‍රතිඵලයයි!

April 22, 2019 at 11:23 am | by admin

2009 ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව ද නිසි ලෙස ආරක්ෂක මණ්ඩලය රැස්වී ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කරමින් අදාළ පියවර ගත්ත ද 2015න් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ උසස් ආරක්ෂක අංශ නිලධාරියකු දිවයිනට හෙළිකර තිබේ.

තව්හිද් ජමාද් සංවිධානය කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බිහිසුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වාර්තා කළ ද ඒ පිළිබඳ ආණ්ඩුව දැනුම්වත් කළ ද අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ ජාතික ආරක්ෂාව කෙරෙහි දැක්වූ උනන්දුව සහ සැලකිල්ල 2015න් පසු නොමැති වීම නිසාය.

නිසි ලෙස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූයේ නම් මෙම ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධි අංශ වාර්තා අගමැතිවරයා පවා නොදැන සිටින්නට හේතුවක් නොමැත. කෙසේ වුවද ඇමති මනෝ ගනේෂන් පමණක් නොව ඇමති හරීන් ප්‍රනාන්දුගේ පියා පවා මෙම ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ බව දැන සිට ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස