තව්හිද් ජමාද් තවත් ප්‍රහාරයකට සැරසෙයි! රිල්වාන් ඇතුළු පිරිසක් ප්‍රහාරයට සූදානම්!

April 23, 2019 at 5:21 pm | by admin

ජාතික තව්හිද් ජමාද් සංවිධානය තවත් ප්‍රහාරයකට සූදානම් වන බවට ඉන්දියානු බුද්ධි අංශ ශ්‍රී ලංකා බලධාරීන් දැනුම්වත් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ජාතික තව්හිත් ජාමාත් සංවිධානයේ ජාල් අල්-කුයිටාල් හෙවත් රිල්වාන් නැමැත්තා ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරය සඳහා සූදානම් බව පැවසෙයි. පසුගිය ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය තව්හිද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මස්සිනා මේ වන විටත් සංවිධානයේ නායකත්වය ලබා ගැනීමට කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර තිබේ.

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස