තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට…!

June 9, 2021 at 9:39 am | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානයක් අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා පරිශ්‍රය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීමට නියමිතය.

පසුගිය 06 වන දින ද චීනයෙන් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයක් දිවයිනට රැගෙන විත් තිබුණි.

එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් කණ්ඩායම් වෙත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන විට මෙරට මෙරට පුද්ගලයන් ලක්ෂ 20කට අධික පිරිසකට එන්නත් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *