තවත් යහපාලන දේශපාලන පළිගැනීමක් අහෝසියි! ලංකා බැංකු සාමාන්‍යාධිකාරී ධුරය සුගත් ගුණසේකරට!

March 1, 2020 at 2:38 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව සිදුකළ තවත් දේශපාලන පළිගැනීමක් නිවැරදි කරමින් ලංකා බැංකුවෙි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ධුරයට විශිෂ්ට බැංකුකරඅවෙකු ලෙස කීර්තියට පත් සුගත් ගුණසේකර පත්කිරීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

2018 වසරේ මෙම ධුරය සඳහා නම් තුනක් යෝජනා වූ අතර එම තිදෙනාගෙන් තනතුර සඳහා ඉහළම සුදුසුකම් සපුරා තිබුණේ සුගත් ගුණසේකරය.

එහෙත් 2016 වසරේ පැවති ඔහුගේ දියණියගේ විවාහ උත්සවයට එවක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇරයුම් කිරීම සහ එම විවාහයේ සාක්ෂිකරු වශයෙන් ඔහු අත්සන් කිරීම නිසා අදාළ තනතරු සුගත් ගුණසේකරට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට එවක විෂයභාර එජාප යහපාලන අමාත්‍යවරයා කටයුතු කළේය.

වඩාත් හාස්‍යයට කරුණ වන්නේ සියලු සුදුසුකම් සැපිරුවද සිය දේශපාලන විරුද්ධවාදියකු සමග හිතවත්කම් පැවැත් වූයෙි යැයි සුගත් ගුණසේකරට අදාළ තනතුර ලබා දීම ප්‍රතික්ෂේප කළ එජාප ඇමතිවරයා එජාප හිතවතෙකු වූ සෙනරත් බණ්ඩර එම ධුරයට පත්කිරීමය.

ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාව විසින් ජනාධිපති ධුරයට පත්කළේ මෙම ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටය.

පසුගිය වසර කිහිපය පුරා යහපාලන ආණ්ඩුවේ අනේක පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටුකිරීම සඳහාය. විකුණා දැමීමට නියමිතව තිබූ ලාභ ලබන රාජ්‍ය බැංකු පද්ධතිය සහ රාජ්‍ය ආයතන ජාලය ආරක්ෂා කරගැනීමටය.

එම ජනතා අපේක්ෂා අකුරටම ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව බොහෝ පාර්ශවල ඇගයුමට පාත්‍ර වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස