තවත් බහුජාතික සමාගම් ප්‍රොඩාවක් මාට්ටුයි! ලක්ස්වල අඩංගු රෙදි සේදුම්කාරක බව අධිකරණයේදී තහවුරුයි!

February 28, 2019 at 10:35 am | by admin

ලයිෆ්බෝයි සහ ලක්ස් යන වෙළඳ නාමයෙන් වෙළඳපොළට නිකුත්වන සබන් වර්ග නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය වෙනුවට සේදුම්කාරකයක් වන ඩිටර්ජන් යොදාගෙන බව අනාවරණය වී තිබේ.

එම නිෂ්පාදන දෙක අයත් යුනිලිවර් සමාගම, නේචර්ස් බියුටි ක්‍රියේෂන් ආයතනයේ වෙළඳ දැන්වීමකට එරෙහිව ගොනුකළ නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේදී පසුගිය දා විභාගයට ගැණුනු අවස්ථාවේදී මේ බව හෙළිව තිබේ.

එම සමාගම වෙන රටවල සිය නිෂ්පාදවලට මෙම සේදුම්කාරක භාවිත කර නැත. එම සේදුම්කාරක භාවිත කරන්නේ රෙදි සේදීම, වාහන සේදීම, කාපට් සේදීම ආදි කටයුතු සඳහා මිස ඇඟේ ගැල්වීම සඳහා නොවේ. ලක්ස් කැටයෙහි සබන් යැයි කිසිදු තැනක සඳහන් නොවන අතර බේදින් බාර් යැයි ඉතාම කුඩාවට සටහන් කර තිබේ.

පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ‌ අනුව ඒ‌ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝ‌ගය අධිකරණය විසින් නිකුත් කර තිබුණේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමණක් සලකා බලමිනි.

පසුව දේශීය සමාගම සියලු තො‌රතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ‌ වාරණ නියෝ‌ගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝ‌ගය ප්‍රකාශයට පත් කර ඇ‌ත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *