සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් එහි ඕනෑ ම වගකීමක් භාර ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
පක්ෂ නායකයින්ගෙන් සමන්විත ප්‍රතිපත්ති සභාවක් පත් කර අමාත්‍යංශ 20ක් නිර්මාණය කර පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනා බැගින් ඒ සඳහා අනුයුක්ත කොට පරිපාලනය කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
එවැනි ආණ්ඩුවකට එකතු වී රට වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය වැය කිරීමට සූදානම් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බවයි, පාඨලී චම්පික අනාවරණය කළේ.