තවත් පාර වසාගෙන උද්ඝෝෂණ කරන්න බෑ! උද්ඝෝෂකයන්ට ජනපති මැදුර ළඟින්ම පිටියක්! ජනතාවට කරදර නොකර දවස් ගණන් උද්ඝෝෂණ කරන්න ඉඩ!

February 5, 2020 at 4:36 pm | by emanisa.lk

මහ ජනතාවට සහ විවිධ කණ්ඩායම් සඳහා උදඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසල වෙනම භූමි භාගයක් වෙන්කර තිබේ.

මේ පිළිබඳ නිල නිවේදනයක් මෙතෙක් නිකුත් නොකළ ද මේ වන විට ඒ පිළිබඳ භාෂා තුනෙන්ම ප්‍රදර්ශන පුවරුවක් සවි කර තිබේ.

මේ සඳහා වෙන්කර ඇත්තේ මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාල රථගාල ලෙස භාවිත කළ භූමි භාගයයි.

පසුගිය සතියේ ද ගාලු මුවදොර ප්‍රධාන මාර්ගය වසාගෙන උද්ඝෝෂණ කිහිපයක් සිදුකළ අතර මේ නිසා රථ වාහන ගමනාගමනයට බාධා පැමිණීම නිසා මගී ජනතාව මහත් අපහසුතාවට පත්විය.

අද (05) ද විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ නගර ශාලාව අවට ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස