තවත් පාතාළයෙක් වෙඩි කා නසී!

June 26, 2020 at 8:28 am | by emanisa.lk

අද අලුයම 5.30 ට පමණ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් යන පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය් සේනාරත්න පැවසුවේය.

මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

පොලිස් වෙඩි පහරින් මියගිය මෙම පුද්ගලයා ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී ඇත.

පොලිසිය සමග වෙඩි හුවමාරුව සඳහා යොදා ගත් රිවෝල්වරය ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස