තවත් ප්‍රහාරයකට සූදානමින් ත්‍රස්තයින් 05ක් ලංකාවේ! ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි!

June 22, 2019 at 4:25 pm | by emanisa.lk

ඉන්දියන් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් කළ බව කියන ඉස්ලාමීය අන්තවාදීන් පස් දෙනකු පමණ ශ්‍රී ලංකාව තුළ සැඟවී සිටින බවයි. එම තත්ත්වය නිසා වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට බුද්ධි අංශ වෙත අනතුරු අඟවා තිබේ.

එම සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අලුතින් නිසා මේ වන විටත් ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අයි.එස්. සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම නිසා ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව තර්ජනයට ලක්ව ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් කේරළයේ ඉහළ පොලිස් නිලධාරීන්ව ලිපි තුනකින් දැනුවත් කර තිබේ.

ඉන්දියාවේ කොචිහි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයට අයි.එස්. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ අනතුරු හැඟවීමක්ද එම ලිපිය මගින් දන්වා තිබේ. ඉන්දියාවේ කේරළය, තමිල්නාඩුව අන්ද්‍රා ප්‍රදේශය කාශ්මීර ත්‍රස්තයන්ගේ ඉලක්ක වී ඇති අතර කේරළ ප්‍රාන්තයේ පමණක් ඉස්ලාමීය ත්‍රස්තයින් සියයක් පමණ සිටින බව සඳහන් වේ.

aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස