තවත් දෙමළ පක්ෂයක් දිලිත්ගේ සහායට…!

August 19, 2024 at 5:00 pm | by emanisa.lk

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ (ඉලංගෙයි මක්කල් තේෂිය කච්චි) සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කරයි.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද (19) පස්වරුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී සිදුකෙරුණි.

මෙම අවස්ථාවට සර්වජන එකමුතුව නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක ත්‍යාගරාජා විෂ්ණුකාන්තන් ඇතුළු පිරිසක් එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *