තවත් ගුරු විදුහල්පති සංගම් කිහිපයක් වර්ජනය අතහරී…! 21 පාසල් ආරම්භ කරන්නත් සූදානම්…!

October 16, 2021 at 9:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද (16) අනුරාධපුරයේ දී ඇමැති එස්.එම් චන්ද්‍රෙස්න හමු විය.

එහි දී ඔවුන් සඳහන් කළේ ලබන 21 වැනි දා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තම පිරිස සූදානම් බවය.

මේ අතර එළඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව හෝමාගම ප්‍රදේශයේ සිසුන් 200ට අඩු පාසල් සියල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අද ආරම්භ කර තිබුණි.

හෝමාගම දීපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දරුවන්ගේ මව්පියන් එක්ව අද පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළේය.

කෙසේ වුව ද එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබා ගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින් නිරතව සිටින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *