තවත් කොවිඩ් රැල්ලක පෙර නිමිති…! සීමා ලිහිල් කිරීමත් සමග ආසාදිතයින් ඉහළට…!

November 4, 2021 at 11:40 am | by emanisa.lk

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේ දී සිදු වන අතපසුවීම් නිසා මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය මග හැර ගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ සහ තෝරා ගත් ස්ථානවල අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව ද ප්‍රකාශ කරයි.

පුද්ගල ඒකාරාශී වීම්, ආයතන තුළ පවත්වන උත්සව හා රැස්වීම් යනාදිය හේතුවෙන් කොවිඩ් අවදානමක් මතුව ඇතැයි ද, එවැනි කටයුතුවලින් හැකි තරම් ඈත්ව සිටිය යුතු බව ද වෛද්‍ය හේරත් සඳහන් කරන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *