වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
මෙම රෝගියා රෝහලට ඇතුළත් වීමේදී ලබා දී ඇති ලිපිනය ද ව්‍යාජ එකක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.
මොහු ලබාදී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ලිපිනයක් වුව ද ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.
මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ වන විට මහබාගේ පොලිසිය විසින් සෙසු පොලිස් ස්ථාන සමග සම්බන්ධිකරණ කරමින් විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.