තවත් ඉන්දීය සරණාගත ප්‍රශ්නයක් හදන හැඩ! පොල් රා මදින්නන් ගෙන්වන්න අවසර ඉල්ලයි!

January 26, 2020 at 5:10 pm | by emanisa.lk

පොල් රා කර්මාන්තයේදී පොල් ගස් මැදීම සඳහා ශ්‍රමිකයන් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවෙන් කම්කරුවන් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

බලපත්‍රලාභී පොල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් විසින් මෙම ඉල්ලීම යොමු කර තිබේ. පොල්ගස් මැදීම සඳහා ඉන්දියාවේ දක්ෂ කම්කරුවන් සිටින බව සුරා බදු දෙපාර්තමේන්තුවද පෙන්වා දෙයි. නීත්‍යානුකූලව පොල් ගස මැදීම සඳහා පොල් ගස් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර ලබා දී තිබේ.

පොල්ගස් මැද රා ලබා ගැනීම සඳහා කම්කරුවන් නොමැති වීම හේතුවෙන් කෘත්‍රිම රා නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මේ වන විට කෘත්‍රිම රා නිෂ්පාදනය සුරා බදු දෙපර්තමේන්තුව විසින් තහනම් කර ඇත.

ඉන්දීය කම්කරුවන් ලබා ගැනීමට අවසර ලබාදීම පිළිබඳව රජය සමග සාකච්ඡා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස