තලතා සජබ මන්ත්‍රී ධූරය අත හරී… මේ ආණ්ඩුවට එකතු වන රත්නපුරේ මැණිකේ ද..?

August 21, 2024 at 11:34 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

“මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ…

නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරයි. ඒ ගැන තවදුරටත් නිහඬව සිටියොත් මාත් ඒ පාපයට වක්‍රව හෝ දායකවූ අයෙක් බවට පත්වේවි. ඒ නිසා මේ අතිශය සංවේදී කාරණය ගැන වහාම තීරණයක් ගත යුතුයි. එසේම එය මාගේ හෘද සාක්ෂියට එකඟ තීරණයක් මෙන්න රත්නපුර ජනතාවට හා ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි.

සජිත් ප්‍රේමදාස තව අවුරුදු පහක් ඉවසුවා නම් තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම සජිත් ප්‍රේමදාස මහතාට කියනවා, ඔබව මේ අගාධයට තල්ලු කරන අයට අවශ්‍ය වන්නේ ඊළඟ පාර පාර්ලිමේන්තුවට පැමිණීම පමණයි, ඔවුන්ට අවශ්‍ය නැහැ ඔබව ජනාධිපති කරන්න.” “

අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

මේ අතර එස්.බී. දිසානායක ඊයේ (20) මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, සිය කඳවුරට ළඟ දී ම රත්නපුරේ මැණිකේ කෙනෙක් ද එකතු වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *