තරුණ සේවා සභාපතිට ජනපතිගෙන් සහ අගමැතිගෙන් තනතුරු දෙකක්!

August 18, 2019 at 2:30 pm | by emanisa.lk

හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජාතික තරුණ සේවා සභාවේ සහාපති නීතිඥ එරන්ද වැලිඅංගේ පත් කර තිබේ.

අද (18) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කර ඇත.

මෙයට අමතරව හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වැලිඅංගේ පත්කොට තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර හතරකට අධික කාලයක් කටයුතු කරන ඔහු ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයාද වෙයි. එරංග වැලිඅංගේ විවාහ වී සිටින්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාරගේ දියණිය සමගය.

මෙයට පෙර හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක ධුරයේ කටයුතු කළේ බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගලය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස