තරුණ පාර්ලිමේන්තු අගමැති ධුරය පැතුම්ට!

September 14, 2020 at 5:16 pm | by emanisa.lk

2020 යොවුන් පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන පැතුම් රණසිංහ පත්ව තිබේ.

මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය සංස්ථා මණ්ඩල නියෝජනය කළ විසි දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් මගින් පසුගිය දා 2020 යොවුන් පාර්ලිමේන්තුවේ තනතුරු පත්කර තිබිණි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ම සහ අධ්‍යාපන ආයතනයක් ම නියෝජනය කරන මන්ත්‍රි පිරිසක් යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන පැතුම් රණසිංහ යුතුකම ජාතික සංවිධානය නියෝජනය කරන ජාතිකවාදී දේශපාලන මතවාදය නියෝජනය කරන තරුණ නායකයෙකි.

අලුතින් පත් වූ අගමැති ප්‍රමුඛ නව පාර්ලිමේන්තුවට තරුණ සේවා සභාවේ සභාපති තේෂාර ජයසිංහ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සුබ පැතුම් එකතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස