තරුණ නායකත්වයට රට හදන්න භාරදෙන්න….! පරිණත නාමල් අගමැතිකමටත් සුදුසුයි….! – සහන් ප්‍රදීප්…

June 28, 2021 at 8:53 pm | by emanisa.lk

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමැති නාමල් රාජපක්ෂ පසුගිය සමයේ විශාල කාර්යභාරයක් ඉටුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

ඉතා පරිණත දේශපාලන නායකයකු ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂට අවස්ථාවක් ලබා දුනහොත් රට ගොඩනැඟීමේ අවස්ථාවක් ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂට ඕනෑ ම තනතුරක් දැරිය හැකි බවත් අගමැති ධූරයට පවා අවශ්‍ය අධ්‍යාපනය, පළපුරුද්ද, අත්දැකීම් ඔහු මේ වන විටත් සපුරා ඇතැයි ද සහන් ප්‍රදීප් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *