තරුණයා හප්පලා උසාවියෙන් කට්ටි පැනල පලක් නෑ..! දැන් හරි වරද පිළිගෙන තරුණයාට වන්දියක් දෙන්න..! – නාගානන්ද චම්පිකට කියයි…

January 14, 2022 at 1:42 pm | by emanisa.lk

චම්පික රණවක කළ යුතුව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මෙන් නීතියෙන් හා අධිකරණයෙන් කට්ටි පනිමින් සැඟවීම නොව පමාවී හෝ තමන් අතින් සිදුවූ බරපතළ වරද පිළිගෙන අධිකරණයේ අභිමතයට යටත්ව අධිකරණය නියම කරන වන්දියක් ගෙවා තමන් අතින් සිදුවූ වරදින් තමන්ට සිදුවන හානිය අවම කර ගැනීමය. ඒ සම්බන්ධව ඔහුට නාගානන්ද උපදෙස් දුන් වාර අනන්තය.

නමුත් ඔහු පිළිගනු ලැබුවේ ගෝඨාභය මාවතයි. බොහෝ විට ඔහුගේ සිහිනය ද නීතියෙන් කට්ටි පැන ගෝඨාභය මෙන් ජනතාව වංචා කර විධායක ජනාධිපති තනතුරට පත්වී ඉන් අනතුරුව තමන්ට එරෙහිව පවරා ඇති සියලු ම අපරාධ නඩු නීතිපති යොදවා ඉල්ලා අස්කර ගැනීම විය හැකිය.

ලංකාවේ දේශපාලනය සමස්තයක් වශයෙන් දුෂිත වන්නේ ඉතා සිතාගත නොහැකි මට්ටමකිනි. 1977 න් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සැබෑ මුහුණුවර වික්ටර් අයිවන් පසුගියදා පැහැදිළි කරමින් 1977 න් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනය වංචාව හා හොරකම මත පදනම් වූ අයුරු කරුණු දක්වමින් හෙළි කළේය.

තව ද රාජ්‍ය බලය හොබවමින් නිදහසේ මංකොල්ලයේ යෙදෙන දේශපාලන පක්ෂය හෝ පක්ෂ හැම විට ම තම විරුද්ධ පක්ෂ ද එහි කොටස්කරුවන් කරගනිමින් එම පක්ෂ නිහඬ කිරීමට වග බලාගන්නා බව මැනවින් පැහැදිළි කළේය.

චම්පික රණවක සහ අනුර කුමාර යනු එහි තවත් ගොදුරු දෙකක් පමණි. 2022 ජනවාරි 02 වන දින සුදත්ත සිල්වා සමග අනුර කුමාර පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දේශපාලනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම, නීතිය හා සදාචාරය ගරු කිරීම ඉතා කුඩා දෙයක් පමණක් පමණක් බවත් බොරුව, වංචාව, තක්කඩිකම ද ඒ සඳහා අවශ්‍ය බව වෙනත් වචනවලින් ජවිපෙ නායක අනුර කුමාර කීවේය.

ජවිපෙ නායක රෝහණ විජේවීර වූයේ නම් සහ ජවිපෙ ඔහු විසින් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළේ නම් ඔහු කිසිදා ප්‍රධාන පක්ෂ දෙකේ තක්කඩිකම්වලට කොටුවන්නේ නැත. රටට මහත් බරක් වී ඇති පළාත් සභා පිළිගන්නේ නැත. පළාත් පාලන ආයතනවලන් නියෝජිතයන් දෙගුණ කර ජනතාව මත මහත් බදු බරක් පටවන්නේ නැත.

කිසිදා මන්ත්‍රීලාට බදු වංචා කිරීමට කාර් පර්මිට් ලබා දීම අනුමත කරන්නේ නැත. පසුව එම වාහන විකුණා රජය අත්හල බදු ආදායම වංචා කරන්නේ නැත. 1977 න් පසුව සමස්ත දේශපාලන පක්ෂ සියල්ල එක සමානව දුෂිත යයි වික්ටර් අයිවන් පැහැදිළි කළේ වෙන දෙයක් නොව එයයි.

නාගානන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස