තරහ අවසරයි නායක හාමුදුරුවනේ….! ලනු දෙන අයගෙන් පරිස්සම්වුව මැනවි…! කාගෙවත් අතකොළුවක් නොවනු මැනවි….! – දිලිත් ජයවීර…

August 19, 2021 at 11:32 pm | by emanisa.lk

රැපීඩ් ඇන්ටිජන් කට්ටල සම්බන්ධව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි විසින් නිකුත් කර ඇති ලිපිය පදනම් විරහිත බව ප්‍රකාශ කරමින් ජෝර්ජ් ස්ටුවට් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

වර්තමාන ආර්ථික අවපාතයත් සමඟ ඩොලරයේ මිල ඉහළ යාම හමුවේ පවා තවමත් පැරණි මිල යටතේ සිය සමාගම ඇන්ටිජන් කට්ටල සපයන බව එහි දැක්වෙයි.

එම පිළිතුරු ලිපිය සමඟ ජෝර්ජ් ස්ටුවට් සමාගමේ සභාපති දිලිත් ජයවීර සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.

“අපේ පූජනීය සෝභිත හාමුදුරුවනේ,
සමාජ ජාලාවල සංසරණය වන මේ ලිපියේ කරුණු වැරදියි. ( පැහැදිලි කිරීම පසෙකින්). මේ ඔබ වහන්සේගේම ලිපියක් නම්, ඔබ වහන්සේට මේ තොරතුරු ලබාදුන් කණ්ඩායමෙන් පරිස්සම් වෙන්න. ඔබ වහන්සේගේ මහත්වූ ශාසනික සේවයට මොවුන් බාධාවක්ම වෙනු ඇත.

තරහ අවසරයි අපේ නායක හාමුදුරුවනේ, මට බුදුරජාණන්වහන්සේ ගේ මේ බණපදය මතක් විය.
“නාඤ්ඤස්ස පුරිසො සියා ”
අනෙකෙකුගේ අතකොළුවක් නොවන්න – බුදුරජාණන් වහන්සේ – සත්තජටිල සූත්රය- උදානපාලි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස