තරඟ පැරදුණේ මාලිංග නිසා නෙමෙයි, ඕවර් 50ක් ගහන්න බැරි පිතිකරුවෝ නිසායි! ලහිරු තිරිමාන්න කියන්නේ සංගා මහේල අඩුව පුරවන්න පුළුවන් ක්‍රීඩකයෝ! – හිටපු වේගපන්දු පුහුණුකරු

April 21, 2019 at 7:51 am | by admin

කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සෑම කාලයකම යම් යම් මතභේද පැවති බවත් එකල පාලකයන් එම මතභේද උලුප්පා නොදැක්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යැවීමේ පුහුණුකරු අනූෂ රාමනායක පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ තරඟ පරාජය වූයේ ලසිත් මාලිංග නිසා නොව පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණි නිසා බව ඔහු පෙන්වා දෙයි. පසුගිය දකුණු අප්‍රිකානු තරඟාවලියේ තරඟ 5ම පරාජයට පත් වූයේ පිතිකරුවන්ට පන්දු වාර 50 ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා බව හෙතෙම අවධාරණය කරයි.

එංගලන්තයේ ක්‍රීඩා කරන විට වේගපන්දු යවන්නන්ට මුහුණ දිය හැකි පිතිකරුවන් උවමනා බවත් මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරට පසු ඔවුන්ගේ අඩුව දිනේෂ් චන්දිමාල් ලහිරු තිරිමාන්න වැනි පිතිකරුවන් විසින් සපුරනු ඇතැයි තමා බලාපොරොත්තු වුවද ඔවුන් අද සීසීකඩ ගොස් ඇති බවත් හිටපු වේගපන්දු යැවීමේ පුහුණුකරු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *