තරඟ පාවාදීම් පරීක්ෂණ නිමයි! චෝදනාවලින් ක්‍රීඩකයන් නිදහස්!

July 3, 2020 at 3:36 pm | by emanisa.lk

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා පවසයි.

මෙහිදී කට උත්තර ලබා ගත් ක්‍රිඩකයින් ලබා දුන් තොරතුරු අනුව හිටපු ඇමතිවරයා එල්ල කළ චෝදනා 14ම සනාථ කළ නොහැකි වූ බවට සිය ඒකකය තීරණය කළ බවත් ඇමතිවරයාගේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ICC ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

ක්‍රීඩකයන් මාරු කිරීම ඇතුළු කරුණුවලට ක්‍රීඩකයන් තිදෙනාම සිය ප්‍රකාශවලදී සාධාරණ හේතු ඉදිරිපත් කර ඇතැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

කෙසේ වුවද හිටපු ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩ නිලධාරීන්ට මිස කිසිදු අවස්ථාවක ක්‍රීඩකයන්ට තරඟ පාවාදීමේ චෝදනා නැඟූවේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *