තරඟෙ තියෙන්නේ රට බේරගත් නායකයයි ඇඟ බේරගත් නායකයයි අතරේ…! – හරීන්…

September 9, 2024 at 12:17 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන ආරම්භ කරන්නේ ඡන්ද හැට ලක්ෂයක් අතේ තබා ගෙන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර තරඟය ඇත්තේ රට බේරගත්ත නායකයා සහ ඇඟ බේර ගත්ත නායකයන් දෙදෙනා අතර බවයි.

එක් අවස්ථාවක ඉන්ධන ගෑස් නොව දර ළිප දල්වා ගැනීමට භූමිතෙල් ටිකක් රටේ නොතිබුණු බවයි, හිටපු ඇමතිවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවෙහි තබා එම අර්බුදයෙන් රට ගලවා ගත්තේ දෙවියන් යැයි තමන්ට සිතෙන බව ද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා පැවැත්වෙන පුළුවන් ශ්‍රී ලංකා වැලිමඩ ජන රැලියට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *