තමුසේගේ බැඳුම්කර හඬපටිත් මං ළඟ තියෙනවා! – රංජන්ගෙන් ගේම ඉල්ලූ බනානා ඇමති හාන්සියි….

January 9, 2020 at 10:54 am | by emanisa.lk

තමුසේ පිස්සෙක්…. තවත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රකාශ නිකුත් කරලා පක්ෂය විනාශ කරන්න එපා යැයි එජාප රජය් ඇමතිවරයකේ රංජන් රාමනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.

එවිට මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එජාප ආණ්ඩුව විනාශ කළ පාර්ශව පිළිබඳ තමන්ට ද අවබෝධයක් ඇති බවය.

ඒ සමග කෝපයට පත් වූ අදාළ ප්‍රබලයා සියලු වැරදි රංජන් රාමනායකට පටවමින් බැණ වැදී ඇති අතර එහිදී රංජන් පවසා ඇත්තේ දඟලන්න එපා… තමුසේගේ බැඳුම්කර හඬපටිත් මං ළඟ තියෙනවා… යනුවෙනි.

මේ සමගම එතෙක් දැඩි ආවේගයෙන් කතා කළ අදාළ එජාප ප්‍රබලයා බෙහෙවින් සන්සුන් වී රංජන් අබියස දමනය වී ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස