ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකළ හැකි උපායමාර්ගික සැලසුම ඇත්තේ තමන් සතුව බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත්, අනුර සහ නාමල් මේ රටේ බලවත් කැබිනට් ඇමැති ධූර දැරුව ද රටට දැනෙන කිසිවක් කර නැතැයි දිලිත් ජයවීර චෝදනා කරයි.
මේ රටේ දූෂිත දේශපාලනයට මූලික හේතුව වී ඇති සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් කිරීමට පවා අනුර දිසානායකලා කිසිදු යෝජනාවක් ගෙන නොඑන අතර ගෙන ආ යෝජනාවට පවා විරුද්ධ වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
දූෂිත දේශපාලනයේ කොටස්කාරයින් වී ඇති ඔවුන් තමන් බලයට පැමිණි විට ඉන්ධන මිල, පාසල් උපකරණවල බදු අඩු කරන බව සඳහන් කළත් ඒ සඳහා ජනාධිපති ධූරයට පත්විය යුතු දැයි දිලිත් ජයවීර ප්‍රශ්න කරයි.
අද (18) මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ පැවැති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.