තමන්ගේ වංචා දූෂණ වහගන්න රනිල් මෛත්‍රී පස්සේ දුවන අය අපට අවලාද නඟනවා!- අනුර

May 22, 2019 at 9:46 am | by admin

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව හරහා ජවිපෙ අගමැතිවරයාට කඩේ යනවා යැයි අවලාද නගන්නේ තම තමන්ගේ වංචා දූෂණ වසා ගන්න රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රිපාල සිරිසේන පස්සේ දිව ගිය අය යැයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21දා) ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

ආණ්ඩුවක් වෙනස් කළ යුත්තේ ක‍්‍රම දෙකකට. එකක් ජනතාව විසින් මැතිවරණයකින්. අනෙක් ක‍්‍රමය තමයි පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට හැකියාව තියෙනවා ආණ්ඩුවක් වෙනස් කරන්න. ඒ අවස්ථාවට තමයි අපි මේ විශ්වාසභංග යෝජනාවක් උපයෝගි කර ගන්නේ.

අපි ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනිමට හැකිවේ යැයි විශ්වාස කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය විසින් රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට විරුද්ධව මේ වන විටත් විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා. මේ විශ්වාසභංග යෝජනා දෙක අතර කිසිදු පටලැවිල්ලක් සිදුවන්නේ නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස