තමන්ගේ රටට විරුද්ධ යෝජනාවකට සම අනුග්‍රහය ලබා දී එය ක්‍රියාත්මක කරන එකම රට ලංකාවයි! – ආචාර්ය පාලිත කොහොන

March 15, 2019 at 10:12 am | by admin

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබා දීම අපේ පිටට පහර දීමට අප විසින්ම තනාගත් වේවැලක් බව හිටපු රාජතාන්ත්‍රික නිලධාරී ආචාර්ය පාලිත කොහොන පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන යෝජනා ක්‍රියාත්මක කරවීමට එම කවුන්සියලයට කිසිම බලයක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

අවුරුද්දකට යෝජනා දුසිම් ගණනක් එහි සම්මත වන බව ද ඊශ්‍රායලයට එරෙහිව එහි යෝජනා 70කට අධික ප්‍රමාණයක් සම්මත වී ඇති බව ද ඒ කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කර නොමැති බව ද හිටපු රාජතාන්ත්‍රික නියෝජිත කොහොන පෙන්වා දෙයි.

සිය රටට එරෙහි යෝජනාවක් පිළිගෙන ඊට සම අනුග්‍රහය ලබා දී එය ක්‍රියාත්මක කිරීමට තවත් කාලය ඉල්ලන එකම රට ලංකාව බවට ඔහු චෝදනා කරයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳ අදහස් දැක්වීමට වියත්මග සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී හෙතෙම මේ කරුණු හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස