තමන්ගේ මනාප ගුණාත්මක පාර්ලිමේන්තුවක් සඳහා ආයෝජනය කරන්න! ගෙවිඳු

July 31, 2020 at 10:04 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංඛ්‍යාත්මකව බහුතර පාර්ලිමේන්තුවක් ලබා දීම ප්‍රමාණවත් නොවන බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඊයේ (3) ගැටඹේ රාජතපෝවනාරාමයට පැමිණ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරි සීලවිමල හිමියන් බැහැදැක සිය ව්‍යවස්ථා යෝජනාවලියට පිළිගැන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වන මන්ත්‍රීවරුන් කවුද කියලා ජනතාව බැරෑරුම් ලෙස කල්පනා කර බැලිය යුතුයි. සංඛ්‍යාත්මක බහුතරයට අමතරව ගුණාත්මක පාර්ලිමේන්තුවක් පත්කරගත යුතුයි. ඒ නිසා තමන්ගේ මනාප ගුණාත්මක පාර්ලිමේන්තුවක් පත්කර ගන්න යොදාගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

https://www.facebook.com/yuthukama/videos/1246273939037692/?v=1246273939037692

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස