තමන්ගෙන් සමාජයට කොරෝනා බෝ වෙතැයි බියෙන් හෙදිය දිවි නසාගනී!

March 28, 2020 at 8:27 am | by emanisa.lk

තමාගෙන් අන් අයට කොරෝනා වෛරසය බෝ වෙතැයි සිතා සියදිවි නසාගත් හෙදියක් පිළිබඳව පුවතක් ඉතාලියෙන් වාර්තා වෙයි.

එරට ලොම්බාඩි පළාතේ සැන් ජෙරාඩෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරමින් සිටි ඩැනියෙලා නම් මෙම හෙදියට සේවයේ නියුතුව සිටියදී කොවිඩ් -19 වෛරසය වැළඳී තිබේ.

තමාගෙන් අන් අයටත් මෙය බෝවෙනු ඇතැයි ඇය දැඩි මානසික ආතතියකයින් පසු වූ බව එරට “හෙද පදනම”නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

34 වෙනි වියෙහි පසුවන ඇයට මෙම රෝගය වැළඳී ඇති බව තහවුරු කරගෙන තිබෙනුයේ පසුගිය 10 වෙනිදායි. ඉන් පසුව ඇය ප්‍රතිකාර සඳහා ද යොමුකොට තිබේ.

ඉතාලියේ සෞඛ්‍ය සේවකයන්ගෙන් 5760 කට පමණ කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස