තනතුරු වෙනුවෙන් අරගලය පාවා නොදුන් සජිත් ඉතිහාසගත වෙනවා..! – කාවීන්ද…

July 19, 2022 at 4:16 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති තේරීමේ ඡන්දයට නාම යෝජනා නොදීම නිසා ඉතිහාසගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

සජබ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ තනතුරු වෙනුවෙන් රාජපක්ෂ පාලනය පලවා හැරීමේ ජනතා අරගලය පාවා දීමට සජිත් ප්‍රේමදාස කටයුතු නොකළ බවයි.

අරගලයේ අරමුණ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීම නිසා සජබය අඩියක් පිටුපසට ගෙන ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට තීන්දු කළ බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඉදිරියේදී ගොඩනැඟෙන ආණ්ඩුවේ අගමැති ධූරය සජිත් ප්‍රේමදාසට හිමි වන්නේ දැයි මාධ්‍ය විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ විවෘත මනසකින් බැලිය යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *