ඊයේ (06) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 617ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සති කිහිපයකට පසුව මෙසේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවා ගියේ පිටපිට දෙවැනි දිනටය. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන්නේ නම් දෙසැම්බර් මාසය වන විට යළිත් කොවිඩ් ව්‍යාප්තිය බරපතළ විය හැකි බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු හඟවයි.
මේ අතර ඊයේ දිනයේ දී තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබිණි. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13841ක් දක්වා ඉහළ ගොස් තිබේ.