තණමල්විල රක්ෂිතයක අලිමංකඩක් ඩෝසර් කරයි! අලිවැට ගලවා විසි කරයි!

September 16, 2020 at 11:29 am | by emanisa.lk

තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග‍්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප‍්‍රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කැළුම් නිශාන්ත පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයාබලා කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවය.

එලෙස ඩෝසර් කර ඇති භූමි ප‍්‍රදේශය, වන අලින් සැරිසරන අලිමංකඩක් බව ප‍්‍රදේශවාසීහු පැවසූහ. එම ඉඩම ඩෝසර් කිරීමේදී, ඉදිකර තිබූ අලි වැටක් ද ඉවත් කර තිබිණි.

එලෙස අලි වැටට හානි කිරීම සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව ජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස