ණය හිමියෝ බැඳුම්කර විකුණා පැන දුවති.. ආර්ථිකය නැවතත් අවදානමේ…!

September 12, 2024 at 10:03 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දේශපාලන අවිනිශ්චිතභාවය නිසා මෙරට ස්වෛරී බැඳුම්කර මිලයට ගත් ආයෝජකයන් ඒවා විකුණා දැමීමේ නැඹුරුවක් දැකිය හැකි බව ලොව ප්‍රකට ආර්ථික කටයුතු විශේලේෂක වෙබ් අඩවියක් බව බ්ලූම්බර්ග් පවසයි.

2030 වසරේ කල් පිරීමට නියමිත බැඳුම්කරවල අගය ඩොලරයට සාපේක්ෂව ශත 03කින් කඩා වැටී ඇති අතර එය පසුගිය පෙබරවාරී මස සිට සිදු වූ විශාලතම කඩා වැටීමයි.

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට රටේ නායකත්වය වෙනස්වීමෙන් බලපෑමක් ඇති වනු ඇතැයි ආයෝජකයන් බියට පත්වීම මිට හේතුව බව ද එම වෙබ් අඩවිය වැඩි දුරටත් අනාවරණය කරයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම නැවත සමාලෝචනය කරන බවට විපක්ෂ දේශපාලන පක්ෂ සිදුකර ඇති ප්‍රකාශ මෙම තත්ත්වයට බලපා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *