ඩොලර් බිලියන 14 තව තෙල් පිරිපහදුවක් ගේනවා! ආයෝජකයා හෙළි කරන්නේ නෑ! නලින් බණ්ඩාර

April 6, 2019 at 8:28 am | by admin

දෛනිකව බැරල් 420,000 ක ධාරිතාවයකින් යුතු ඩොලර් බිලියන 14.2 ක තවත් තෙල් පිරිපහදුවක් අද හෙටම පැමිණීමට නියමිත බවත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි. අද (05) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය

“මේ තෙල් ගේන්නේ අපේ රටේ නිෂ්පාදනයට නෙමෙයි. අපේ රටට ගෙනල්ලා, අගය එකතු කරලා විදේශ රටවලට යවන්නේ. උපාය මාර්ගිකව අපේ රට තියෙන වැදගත් ස්ථානය හේතුවෙන් ලෝකයේ ඉන්න ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ, මේ රට වෙත ආකර්ෂණය වෙලා තියෙනවා, 2015 න් පස්සේ අපි ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති නිසා.“

“හම්බන්තොට වරාය හදද්දී වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. දැන් සිමෙන්ති කර්මාන්ත ශාලා එනකොට, තෙල්පිරිපහදු එනකොට, ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. හම්බන්තොට ජනතාවට වැසිකිළි ටික දෙන්න බැරුව ගිය රාජපක්ෂවරු, අපි හම්බන්තොට ජනතාවට රැකියා ටික දෙන කොට, මේ තුළින් රැකියා 6,000 ක් නිර්මාණය වෙනවා. ඒගොල්ලෝ බය වෙලා තියෙනවා“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස