ඩොලර් බිලියන 07ක ආයෝජනයක් කොමිස් ඉල්ලා අහිමි කළ මන්ත්‍රී…!

September 10, 2024 at 9:47 am | by emanisa.lk

ලංකාවට ඩොලර් බිලියන 7ක් වටිනා සෝලා ව්‍යාපෘතියක් ගෙන ඒමට උත්සාහ කරන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි බව ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 0.6%ක් වැනි ඉතාම සුළු පෝලියකට අවුරුදු 20කින් ගෙවීමට ලබා දීමට සූදානම් වූ මෙම ව්‍යාපෘතිය අදාළ කොමිස් ඉල්ලීම නිසා රටට අහිමි වූ බවයි.

එය රටට ලැබුණේ නම් අරගලයට හේතු වූ තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇති නොවන අතර රුපියල අවප්‍රමාණ නොවන බව ද කීර්ති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.

චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එකතු වෙමින් අදාළ මහාචාර්යවරයාගේ නම ප්‍රකාශ නොකළ ද ඔහු එම නම කොලයක ලියූ අතර චමුදිත සඳහන් කළේ අදාළ මහාචාර්යවරයා දැන් නාමල් රාජපක්ෂ කඳවුරේ සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *