සජිත් නිර්දේශ කළ ඖෂධය ලංකාවට ගෙන ඒමට අවසර….!

September 1, 2021 at 7:34 am | by emanisa.lk

කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන රීජන් කොව් මෙරටට ගෙන්වීමට ඊයේ (31) අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඖෂධ පිළිබඳ විද්වත් කමිටුව රැස් වී ඊට අවසර ලබා දුන් අතර එක් ඖෂධයක මිල රුපියල් ලක්ෂය ඉක්මවන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඇමරිකාවේ නිෂ්පාදනයක් කරන මෙම ඖෂධය එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද කොවිඩ් අසාදනය වූ විට ලබා දුන් බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ඖෂධයක් ඇමරිකාවේ මිල ඩොලර් 4000ක් වන අතර ආසියානු රටවලට අඩු මිලකට ලබා දීමට නිෂ්පාදිත සමාගම එකඟ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස