ඩොක්ටර් සජිත්ගේ බෙහෙත විෂවෙයි! නයිජීරියානුවන් තිදෙනෙක් රෝහලේ!

March 24, 2020 at 11:48 am | by emanisa.lk

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ.

එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා සිටියේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිත කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කළේය.

මේ අතර සජිත් ප්‍රේමදාස පසුගියදා මෙම ඖෂධය කොරෝනා රෝගය මැඬලීම සඳහා භාවිත කරන ලෙස ජනතාවට උපදෙස් දුන් අතර, පසුව ක්ලෝරෝක්වීන් ඖෂධය කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත්, එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවට උපදෙස් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස