ඩෙල්ටා රැල්ල දමනය වෙයි…! ආශ්‍රිතයින් 1000න් පහළට…! මරණ ගණන 51ට බසී….!

September 28, 2021 at 8:04 am | by emanisa.lk

ඊයේ (27) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 983ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද 51 දක්වා පහත වැටී තිබිණි.

මෙසේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900 මට්ටම කරා යළි පහළට පැමිණියේ මාස දෙකහමාරක පමණ කාලයකට පසුය.

දැනට රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46517ක් වන අතර මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 514592ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *