ඩෙල්ටා ජාන විකෘතිතා ගණන් ගතයුතු නෑ…! ඒ සියල්ලට එන්නත් ප්‍රතිචාර දක්වනවා…! – මහාචාර්ය නීලිකා මලවිගේ….

August 22, 2021 at 3:56 pm | by emanisa.lk

ඕනෑ ම වෛරසයක් වේගයෙන් පැතිරී ගෙන යන විට යම් යම් ජාන විකෘතිතාවලට ලක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

“ඕනම වෛරසයක් වේගයෙන් පැතිරී ගෙන යන කොට යම් යම් ජාන විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒක ඩෙල්ටා ප්‍රභේදයෙත් ඇති වෙලා තියෙනවා. ඒ වෛරස්වල ඇති වෙන බොහෝ ජාන විකෘතිතාවයන් එච්චර වැදගත් දේවල් නෙමෙයි. ඒවා ගැන සැලකිල්ලක් දැක්වියයුතු නෑ.

ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ විවෘතිතා 4ක් දකින්න ලැබෙනවා. ඒවා එන්නත්වල කාර්යක්ෂමතාවට බලපාන අන්දමින් නෙමෙයි තියෙන්නේ. ලංකාවේ මේ වෙලාවේ බස්නාහිර පළාතේ සහ අනෙක් පළාත්වලටත් පැතිරී ගෙන ගිහින් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *