ඩෙල්ටා කොවිඩ් රැල්ලත් දමනය කරයි…! ලංකාව නැවතත් කොළ කලාපයට..! දිනූ දේ රැක ගන්නැයි ජනතාවගෙන් ඉල්ලයි…!

October 13, 2021 at 1:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

කොරෝනා සැලකිය යුතු ලෙස පාලනය වූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනතාව පරිස්සම්කාරී ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි බවත් කොළ කලාපය රැකගැනීම ජනතාවගෙන් යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත් ඇතුළත් කරනු ලැබ ඇතැයි පැවසූ වෛද්‍ය හම්දානි දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇතැයිද කීවේය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600-700ත් අතර සංඛ්‍යාවක් දක්වා ද 1100ක් වූ රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 175ක් දක්වා ද දෛනික මරණ 50ට අඩු මට්ටමට ද පහත බැස ඇතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *